For any inquiry - 074 121 1527
හිමිදිරියට මදක් පෙරාතුව ටිමි එකවර නින්දෙන් අවදි වූයේ භයානක කෙඳිරිගෑමක් ඇසීමෙනි. ඔහු පොරෝනයෙන් හිස වසා ගත්තේය. නමුත් කෙඳිරිගාන හඬ තවත් තීව්ර විය. නිදි යහන යළි සෙලවෙන බව දැනී ටිමි බියෙන් සලිත විය. මුලින් සෙමෙන් පටන් ගත් සෙලවීම අනතුරුව බිහිසුණු ගැස්සීමක් බවට පත්විය. ටිමි දෑතින් ඇඳ බදාගෙන සිටියදී ඔහුගෙ පොරෝනාව ඉවතට විසිවුණි. ඉන්පසු දුටු දෙයින් ඔහු ගල්ගැසී ගියේය. ඇඳ පාමුලට වී සිටියේ ලෙයින් පෙඟුණු තනි අතක් සහිත කෙඳිරිගාන කොලුවාය.
ඔහු දැඩි කෝපයෙන් මෙන් ටිමි දෙස රවාගෙන සිටි අතර ඔහු තමා මරා දැමීමට සැරසෙන බව ටිමි සිතුවේය.










Reviews
There are no reviews yet.