සඳකිණි (Sandakini)

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

3 X Rs. 400.00 or 10% Cashback with mintpay_info_icon_woocommerce

Author: Dakshika Surani Perera

Publisher: Nishantha Publishers

විදුලියක් හදවත පසාරු කරගෙන යනවා සේ සදකිනිට දැනුනි. සදකිනි තම දෙඅත ආපසු ඇදගෙන ඔහුට පිටුපා සිට ගත්තාය.

“මේක විහිළුවක් නෙවේ ප්‍රභාත්.. මම යන්නේ ආයේ එන්න නෙවේ…”

ප්‍රභාත් ඇය ඉදිරියට විත් සිටගත්තේය. තවමත් සිනහව ඔහුගේ මුවින් පහ නොවීය. ඔහු ඔරලෝසුව දෙස බැලීය.

“මේ බලන්න පත්තර නෝනා.. විහිළු කරන එක නවත්තලා මට කියන්න ඔය කතාවේ තේරුම… අද වැඩ වැඩි දවස…”

ප්‍රභාත්ගේ සිනාසෙන දෙඇත දෙස බැලූ සදකිනි හැඬුම වළකා ගත්තේ වෙව්ලමිනි. ඇගේ මුහුණ රතු වී තිබුණි. උදෑසන සිට ගමනේ යෙදීම නිසා මුහුණ විඩාබරව තිබුණි. ටික වේලාවක් ඇගේ මුහුණ දෙස බලා සිටි ප්‍රභාත්ගේ මුහුණින් සිනහව පහව ගොස් බියක් පැතිරෙනු සදකිනි දුටීය. ඉවෙන් මෙන් ඔහුට යමක් දැනෙමින් තිබුණි.

Reviews

There are no reviews yet.

Be the first to review “සඳකිණි (Sandakini)”

Your email address will not be published. Required fields are marked *