For any inquiry - 074 121 1527
අභිමාන් නොඉවසිලිමත් ඇස් වලින් වට පිට බලනවා.
ඒ ඇස් හොයන්නෙම එක රූපයක්. ඔව්..
ඒ රූපය නර්සරියට හැරෙන තැන පාරෙන් ප්‍රධාන පාරට බයිසිකලය දානවා.
අභිමාන් ගේ පයට රියේ තිරිංග පැගෙන්නේ ඉබේම.
“අක්කි එනවා”
ඩෙවෝන් සතුටින්. අභිමාන්ටත් මොකක්දෝ සතුටක් දැනෙනවා.
කළු පාට දිග කලිසමට නිල් ඉරි ටී ෂර්ට් එකක් ඇඳලා රෝස පාට දිග ජර්සි එකයි
රෝස පාට අයිස් කැප් එකයි දාපු කෙල්ල ලස්සනයි.
ඇස් වල තියෙන්නෙ දිග හීනි ලස්සනක්.
“බබාට මගෙන් තෑග්ගක්”
පොටෙටෝ ක්‍රිස්‌පි බන්..
කොල්ලා අද උදේ එද්දි කිව්ව හීනෙන් දැක්ක බන් එක..
“වාව් ඩැඩී.. පොටෙටෝ ක්‍රිස්‌පි බන්..”
කොල්ලා පැනපු ගමන් බොක්ස් එක අරන් ඒක දිග ඇරියා.
අභිමාන් බැලුවේ කොල්ලාගෙ අත් දෙක දිහා.
ඇත්තටම අර කිව්ව වගේ ළා කහ පාට බන් එකක්.
“එහෙනං සර්.. ගිහින් එන්න බුදු සරණයි.. ජේසු පිහිටයි”
කෙල්ල එහෙම කියලා රෝස මලත් අභිමාන් අතට දුන්නා.
අභිමාන්ගෙ පපුවට මොකක්ද වුණා. ඒත් ඒ හැඟීම
හිතේම හංගගෙන
අභිමාන් රෝස මල ඩෙවෝන් දිහාට දික් කළා.
“බන් එක මට.. ඩැඩීට මල..”
ඩෙවෝන් කිව්වා. අභිමාන්ට හිනා ආවා.










Reviews
There are no reviews yet.