For any inquiry - 074 121 1527
මා වයස දහතුනට ලඟා වූවා පමණි. පළාතේ යුද නායකයා වූ අබ්දුල් බාලික් ට මා බලහත්කාරයෙන් විවාහ කරදීමට මගේ පියා කටයුතු කළේය. ඔහුගේ සිව්වැනි බිරිය වූ පවට මට සිදුවූයේ නැන්දම්මාගේ මෙන්ම ඔහුගේ සෙසු බිරියන්ගේ ගැහැට ලැබීමටය.
නිවසේ වැඩට අත් දහසක් තිබුනද මා ලවා හැකිතාක් අසීරු පහත් වැඩ කරවීමෙන් ගැහැණුන් ආශ්වාදයක් ලැබූ බව පෙනුණි. දවස අවසානයේ මගේ අත් දැවිල්ල දැමමින් තිබූ අතර මට උවමනා කළ එකම දෙය වූයේ හිස බිම තබා ගැනීමය. නමුත් බොහෝ රාත්රීන් හි අබ්දුල් බාලික් මා ඔහුගේ කාමරයට කැඳවා පෙරදින රාත්රියේ කළ දෑ යළිත් කළේය. මගේ ඇතුලතින් නිරන්තරයෙන් දැවිල්ලක් හටගෙන තිබූ අතර මා ඇවිද්දේ යට ඇඳුමේ වීදුරු කටුවක් ඇමිණි තිබූ අයුරිනි.










Reviews
There are no reviews yet.